Friday, October 18, 2013

               ගැහානියක්(පත්තරයෙ මෙසේ සදහන් වී තිබුණි)
හතර වටින් කළුකරගෙන පසු පසින් හඹා එන මහා වැහි කෝඩයට ඉස්සර
වුණ සුමනලත ගමට යන බසයට ගොඩ වුවාය. "පූජ්‍ය පක්ෂය" හිමි
ආසනය පමණක් හිස්ය. වටපිට බැලූ සුමනලතා "අනේ, දෙවියනේ!
හාමුදුරු නමක් නන්  නොනගීවා" යි පතමින් ඒ අසුනට බර දුන්නාය.
 ඉදිරිපස වීදුරුවට පතිත වන මොර ගෙඩි තරමේ වැහි බිදු
හඹා ආ වැස්සේ තරම කිය පෑවේය.
ඉබි ගමනක යෙදුන බසය තුළ සෙනග අතුරු සිදුරු නතුව පිරී ගොසිනි. නැවතුම් කීපයක් පසු කළ
බසය එක් නැවතුමකදී අතදරුවකු වඩා ගත් තරුණ මවක
නන්වාගෙන ඉදිරියට ඇදුණි. දිය පිස දමමින් තරුණ මව
සුමනලතා අසල තිබූ හිඩස පිරවූවාය. "බබා හොදටෝම...
තෙමිල නේද...?" සුමනලතා බිළිදාගේ සුමුදු අත අත්ගෑවාය.
"ඔව්..මේ පුතාට කැස්සට බෙහෙත්..අරන් යන ගමන්...". මව පිළිතුරු
බැන්දාය.

Monday, October 7, 2013

                   මගේ මරණය

සියලු දෙනම හඩාවි - මා මැරුණ දවසට
දැනේවි දැඩි දුකක් - දේහය ගෙට ගෙනෙන විට
හඩාවි දැඩි සොවින් - රැගෙන යන විට දේහය
කදුළු ඒවී දෑසට -  සත් දින බණ කියන විට

ගිය පසුව තෙමසක් - සිහි කරාවි මගේ ගුණ
එහෙත් එයට වැඩියෙන් - කතා කරාවි ආ ගිය තොරතුරු
සතුටක් දේවි සැමට - නෑයන් එක්තුව සිටීම
දුකක් වේවි ඔවුන්ට - මගේ වියෝව නොව
දනින් පසු - ඔවුන්ගේ වෙන්ව යාම

විසිතුරු එළි බැබැලේවි - ගතවූ පසුව වසරක්
සැණකෙළියක් වේවි - සැවොම කා බී සතුටුවන
අමතකය සැම හටම - මා සිටි බවක්වත්
යලි නො එන බව දනිමි - මා නිසා කිසි දුකක්