Saturday, October 19, 2013

පේරාදෙණිය සරසවි බිම,හන්තාන කඳු මුදුන,හන්තාන කඳු බිම,එහි තුරු වැල් කතා කරන්න පුලුවන් නම් පෙම් වතුන් ගැන,ආදරය ගැන කෙතරම් අත්දැකීම් පවසයිද?හන්තානේ පා සටහන් නොතැබූ පෙම් වතුන් යුවළක් පේරාදෙනිය සරසවියෙන් සොයා ගත නොහැකිය,පේරාදෙණිය ගැන,හන්තාන ගැන ගී ලියන්න කවි ලියන්න,පෙරුම් පුරන අය කොතරම්ද?එවන් නිර්මාණකරුවන් අතින් බිහිවන කිවි ගීත වල සුන්දරත්වය ගැන නම් කවර නම් කතාද......

''හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න

ලතා මඬුළු අත වනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර
මහ වැලියට දමන්න.....
මේ වකවානුව තුල බොහො සෙයින් ජනප්‍රිය මෙම ගීතය ලියවෙන්නේ 'ධම්මික බන්ඩාර' නම් නවක පද රචකයා අතිනුයි,මේ ගීතය මොහු අතින් ලියවීම පසු පස හේතූත්පාදක වූ රසවත් සිද්ධියක් ඇත,ධම්මික අධ්‍යාපනය ලැබුවේ කොළඹ විශ්වවිද්‍යාලයේය,නමුත් ඔහුගේ විශාල මිතුරන් පිරිසක් ඉගෙණුම ලැබුවේ පේරාදෙණිය සරසවියේය,පේරදෙණියේ මිතුරන් අමුවීමට තිතර යන ධම්මික පේරාදෙණියේ සුන්දරත්වයට වහ වැටෙයි,ධම්මිකගේම වචනයෙන් මේ ගීතයට පසු බිම් වූ කතාව සැකවින් මෙසේය,.......'''මම ඉගෙන ගත්තෙ කොළඹ විශ්වවිද්‍යාලයේ,ඒත් මගේ මිතුරන් හිටිය පේරාදෙණියේ, නවසිය අනූවෙදි විතර නිවාඩුවට මම යනව පේරාදෙණියට,ඒ පරිසරය හරිම සුන්දරයි,මට හිතුන පේරාදෙණිය ගැන සිංදුවක් ලියන්න,ඒත් ඒක කවදාවක් ලියැවුනේ නෑ,
පසුව මම ගුරුවරයෙක් උනා,මම උගන්නපු උසස් පෙල පංතියේ මම දැක්ක කොල්ලෙක් ගෙයි කෙල්ලෙක් ගෙයි ලපටි ආදරයක් දළු දාල වැඩිල මෝරණවා,නමුත් මම කරබාගෙන හිටියා......කාලය ගොඩක් වේගෙන් ගත උනා.........උසස් පෙළ විභාගය ඇරඹුනා.......විභාගය අවසන් උනා,ප්‍රතිඵල නිකුත් උනා...අර මම කලින් කිවුව කෙල්ල ඒ 3 නක් අරගෙන පෙරාදෙණියට ගියා,ඒත් අර කොල්ලට යන්න බැරි උනා, වසර ගණනාවකට පස්සෙ දවසක මට අර කොල්ලව හමු උනා,''කෝ උඹත් එක්ක එකට බත් කාපු කෙල්ල?'' කියල මම අර කොල්ල ගෙන ඇහුව,නෑ,,,සර්...ඒක ඉවරයි.එයා කැම්පස් ගියා,එයාට දුර ගමනක් යන්න තියෙනවානේ,පේරාදෙණියට ගියාම එයා කොයිතරම් සුන්දර දේවල් දකිනවාද,......ඒ සුන්දරත්වය මම නිසා එයාට විඳින්න බැරි වේවි,ඒ නිසා ලියුම් ගනනාවක් ලියල මම අයින් උනා!.ඒත් එයා නම් කැමති උණේ නෑ,''අර තරුණය තමන්ගෙ ආදර කතාවෙ අවසානය කඳුලු කැට අස්සෙ හංගල ධම්මිකට කිවුව,...මේ කොල්ල නම් අමුතු විදියට හිතපු කොල්ලෙක්,කියල හිතපු ධම්මික කාලයෙන් යට ගැහිල නිර්වින්දනය වෙලා තිබුන තමන්ගේ සිතිවිල්ලට පණ දෙනව,ධම්මික සිංදුවක් ලියනව...ඒ තමයි මේ ගීතය,ධම්මිකගේ ගීතයට නිමිත්ත වූ කතාව තමයි ඒ....ඉතින් කොයිතරම් නම් සුන්ධරද,මිනිසුන් හිතන විදිය, පරිත්‍යාග කරන විදිය,...........''ජීවිතය කියන්නේ අපි හිතන දේටවත්, පතන දේටවත් නෙවෙයි ,ජීවිතය කියන්නේ අපිට ලැබෙන දේටයි'

-Nilupul Sameera Gamage-

No comments:

Post a Comment