ගැහානියක්(පත්තරයෙ මෙසේ සදහන් වී තිබුණි)
හතර වටින් කළුකරගෙන පසු පසින් හඹා එන මහා වැහි කෝඩයට ඉස්සර
වුණ සුමනලත ගමට යන බසයට ගොඩ වුවාය. "පූජ්ය පක්ෂය" හිමි
ආසනය පමණක් හිස්ය. වටපිට බැලූ සුමනලතා "අනේ, දෙවියනේ!
හාමුදුරු නමක් නන් නොනගීවා" යි පතමින් ඒ අසුනට බර දුන්නාය.
ඉදිරිපස වීදුරුවට පතිත වන මොර ගෙඩි තරමේ වැහි බිදු
හඹා ආ වැස්සේ තරම කිය පෑවේය.
ඉබි ගමනක යෙදුන බසය තුළ සෙනග අතුරු සිදුරු නතුව පිරී ගොසිනි. නැවතුම් කීපයක් පසු කළ
බසය එක් නැවතුමකදී අතදරුවකු වඩා ගත් තරුණ මවක
නන්වාගෙන ඉදිරියට ඇදුණි. දිය පිස දමමින් තරුණ මව
සුමනලතා අසල තිබූ හිඩස පිරවූවාය. "බබා හොදටෝම...
තෙමිල නේද...?" සුමනලතා බිළිදාගේ සුමුදු අත අත්ගෑවාය.
"ඔව්..මේ පුතාට කැස්සට බෙහෙත්..අරන් යන ගමන්...". මව පිළිතුරු
බැන්දාය.
වැහි අදුර කපාගෙන බසය තරමක වේගයෙන් ඉදිරියට
ඇදේ. පාර හරහා මගියෙක් පැන්නේය. එකවරම තිරින්ගය තද විය.
බසය තුල සෙනග එහෙට මෙහෙට විසිවී තදබදයද අඩු විය.
තරුණ මවගෙන් කිරි උරා බොමින් සිටි බිලිද, කිරි උගුරේ හිරවී
කහින්නට විය. වමනය දමන්නට දගලන බිලිද දුටු මව සිලි
බෑගයක් සෙවුවාය.අසළ වුත් සුමනලතා අත් බෑගයේ තිබූ කුඩ සිලි
බෑගයක් ගෙන මුව පොඩියට ළන් කළෑ මෙවැනි අවස්තාවන්ට ඇයත්
දරුවත් කුඩ අවදියේ මුහුණ දී ඇති බැවිනි.
"අක්කට පින්සිද්ද වෙනවා කරපු උදව්වට..." ඇය සිලි බෑගයේ කට තදකර ගැටගසා දෙපාමුල හිර කර ගත්තාය. නැවතුම් කීපයකට පසුව තරුණ මව බිලිදාත්, වමනව සහිත මල්ලත් රැගෙන බසයෙන් බසිද්දී වැස්ස හොදටම තුරුල් වී තිබුණි.
සුමනලතගේ මවගේ තුන්මාසේ මතක දානයට ඉතිරිව තිබුණේ දවස් කීපයකි. මදිපාඩුවට රුපියල් පහළොස් දාහක මුදල අත්මාරුවට ඉල්ල ගත්තේ කාර්යාලයේ විශ්වාසවන්තම මිතුරිය මනෝරිගෙනි. මුදල් නොට්ටු ටික කවරයේ දමා සිලි බෑගය තුලට දමා දෙකතුනට නමා වැඩි පරෙස්සමට අත් බෑගයෙ පතුලට දම වසා ගත්තේ සෙනග අතර ගැටකපන්නන් බහුල නිසාය.
කවදත් කාර්යාලයේ බසයේ හෝ මගදී සිදුවන යම් විශේෂ සිදුවීමක් වෙතොත් සැමියා හා සුහද පිළිසදරේදී ඒවා එලියට ගන්නීය. එදත් ඇය බසයේ සිදුවීම විස්තර කළාය.
"ඉතින්...ඔය කොච්චර..හොද වැඩක්ද ළමයො, කරල...තියෙන්නෙ..." සැමියා යහපත් ප්රතිචාරයක් දැක්වීය. ඒ අතරතුර දාන-මාන කටයුතු ගැන කත කරද්දි. "අර මනී ප්රොබ්ලම් එක හරිද?" සැමියා මතක් කළේය.
"ආ..එක හරි..මනෝරි මට කවදාවත් නෑ බෑ කියලා නැහැ නෙව. කෙල්ලට ඒක පඩි ගත්තු ගමන් රිටන් කරන්න ඕන." ඇය උන් තැනින් නැගිට ගොස් අල්මාරියේ තිබූ අත්බෑගය රැගෙන විත් සැමියා අසළම ඉද ගත්තාය. "කලබලේට දාගත්තට ගණින්නත් බැරිවුණා." කියමින බෑගය ඇරියාය. බෑගයට අත දමා එහි තුළ වූ ක්ඩා සිලි බෑග් කීපයක් එලියට ගත්තාය. ඒවා ඔක්කෝම හිස්ය. ඇය දෙතුන වරක් දිග ඇරියාය. මුදල් දැමූ සිලි බෑගය නැත.අත් බෑගයේ පතුල කපා ඇද්දැයි බැලුවාය. නැත , පතුල සුරක්ෂිතය. අත් බෑගය්ව ඉතිරිව තිබුණේ හැදුනුම්පතත් වෙනදා මෙන් තිබෙන බස් වියදම හා මාරු කාසි ටිකත් පමණි.
"කෝ.. ඉතින් ඕකට ..දැම්මනන්?" සැමියාගෙක අතුරු පැනයකි. ඇය දෑත හිසේ තබාගෙන දහ අතේ කල්පන කළාය. ඇයට ගණදෙවි නුවණවත් පහල වුයේ නැත . ඉදිරියේ තියෙන කටයුතු නිවිහැනහිල්ලේ කරන්ට නම් සුමනලතාගේ හිත හැදිය යුතු යැයි සැමියාට සිහි විය..සිදුවී ඇත්තේ කුමක්දැයි හැදිමිටේ නුවණට වඩා ඔහුට වැටහුණි.
"දැන් ඉතින් ගිය දේ ගියාවේ. මන් සල්ලි ටිකක් වැඩිපුර හොයා ගත්තා. මනෝරිගෙ සල්ලි පඩි ගත්තම දෙමු..අපි ඒවා දානෙ වැඩවලට වියදන් කරා කියලා හිත හදා ගමු.ලාබ අලාබ ඔක්කෝම වෙන්නේ මනුස්සයන්ට නෙව. දැන් ඔන්න ඕක හිතෙන් අයින් කරලා මේ වැඩ ටික කරන්න බලන්න..." දෙවි කෙනෙකු සේ ප්රශ්නය විසදීම ගැන සැමියාටපින් දුන්නාය. ඔහු කවදත් ඉවසිලිවන්ත වග දැන සිටියාය.
සුමනලතාගේ නිවසේ දනයට පෙර දින උදෙසනම ගෙට ගොඩවුණේ අමුත්තියකි. "මන් අක්කලගෙ ගේ හොයාගත්තෙ බොහොම අමාරුවෙන්. අක්කට..මාව මතකද මන්ද? අර එද බස් එකේදි පුතාට වමනෙ දාන්ට සිලි බෑග් එක දුන්නෙ... වමනෙ බෑග් එක කැලේට විසිකරන්න හදනකොට දැක්කෙ ඇතුලෙ මොකක්දෝ කවරයක් තියෙනව..හොද වෙලවට බිමට හලලා බැලුවෙ. මන් ඒව හෝදලා පිහිදල ගෙනවෙ..ආ ... අක්කෙ හරිද කියලා ගැනලා බලන්න.අක්ක හොදටම ..කලබල වෙල ..ඇති කියල දුවගෙන ආවෙ.."තරුණ මව දෝතින්ම සල්ලි මිටිය පිළිගැන්නුවාය.
සමනලතාට සිදුවීම අදහාගත නිහැකිව ගල් ගැසී බලා සිටියාය. "පොඩ්ඩක්..ඉන්න..නන්ගී.."කියා ඇය ගෙතුලට ගියාය. යමක් රැගෙන එළියට ව්ද්දි තරුණ මව වත්තෙන් පිට නවතා තිබූ ත්රීරෝද රියට නැගී යන අයුරු සුමනලතා දුටුවාය.
"ඔයා ඒ මනුස්සයට...දීල තියෙන්නෙ..ඔය සල්ලි දාපු ෂොපින් එක විත්තිය කියලා මට හිතුනට, මන් ඒක ඔයාගෙන්..අහන්න..ගියේ නැත්තෙ..රිදිච්ච හිත..ආයිමත්... රිදවන්න... දුක හිතුනහින්දා.."සුමනලතා සැමියාදෙස ආදරයෙන් බලා සිටියාය.
ඒ.සෙට්ටිනයක,අදුරවිල,පෝද්දල
(ඉරිදා ලන්කාදීපයෙන් උපුට ගැනිණී)

No comments:
Post a Comment