Monday, October 7, 2013

                   මගේ මරණය

සියලු දෙනම හඩාවි - මා මැරුණ දවසට
දැනේවි දැඩි දුකක් - දේහය ගෙට ගෙනෙන විට
හඩාවි දැඩි සොවින් - රැගෙන යන විට දේහය
කදුළු ඒවී දෑසට -  සත් දින බණ කියන විට

ගිය පසුව තෙමසක් - සිහි කරාවි මගේ ගුණ
එහෙත් එයට වැඩියෙන් - කතා කරාවි ආ ගිය තොරතුරු
සතුටක් දේවි සැමට - නෑයන් එක්තුව සිටීම
දුකක් වේවි ඔවුන්ට - මගේ වියෝව නොව
දනින් පසු - ඔවුන්ගේ වෙන්ව යාම

විසිතුරු එළි බැබැලේවි - ගතවූ පසුව වසරක්
සැණකෙළියක් වේවි - සැවොම කා බී සතුටුවන
අමතකය සැම හටම - මා සිටි බවක්වත්
යලි නො එන බව දනිමි - මා නිසා කිසි දුකක්

Thursday, October 3, 2013

තාත්තෙක් තමන්ගේ පුතා වෙනුවෙන් කැපවෙන අයුරු
අපිට පලමු පියවර තබන්න උදවු කරන්නෙ අපේ තාත්තා. අපිට අපහසු අවස්තා වලදිත් තාත්තා ලගින් ඉන්නවා. මෙ එවැනි මොහොතක්...
අපි ජිවත් විය යුත්තෙ එකිනෙකාට උදවු කරමින්...කාර්ය බහුල නිසා දැන්  එය අමතක වෙලා අපි හැමොටම.
මෙය අපිට ඒ ගැන හිතන්න කියලා දෙනවා
කර්මය කියලා කියන්නේ බුදුන් වහන්සෙට පමණක් නිවරදිව වටහෙන දෙයක්. අපි කරපු උදවු අපිට නැවත ලබෙන්නෙ හිතුවෙවත් නැති වෙලවක